සාහිත පැරකුම් කිවි නැණ පහනින
ජාලිත ප්‍රතිභා දීප ශිඛායෙන
නොනිවී නොසැලී යසෝ ප්‍රභා දෙන
ශාස්ත්‍ර නිධානය ශිල්ප මහෝඝය....//
ගුත්තිල කවි කුරවී හඩ මුසු වුණ
සකෝරළ බිම සව්සිරි සපිරුණ
පහන් තරුව වී ගගනත දිළිසෙන
පහන් කරනු මැන අප හද නිඹදින
ඔබ පිය දරුවන අප ඇකයට ගෙන
සිප්සත කිරීයෙන ඇති දැඩි කළ මැන
සරස්වතිය සේ නැණ සමුදා දෙන
විදුහල් දිනිතිය සදාභිවන්දිත වු
ප්‍රබන්දය - ඩබ්ලියු. ඒ. අබේසිංහ මයා
තනුව - එම්.ආර්. චූලසිංහ මයා


