නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
K.G.චාමලී මහේෂිකා
සත්කෝරළයේ පහන්තරුව වන කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ කළමනාකරණ මණ්ඩලය වශයෙන් අපගේ ඒකායන අභිමතාර්ථය වන්නේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ පාසලේ දැක්ම අනුව යමින්, අපගේ දරුවන්ට සිය විභව්‍යතා ශක්තීන් ගවේෂණය කරමින් ජයග්‍රහණයන් අත්පත්කරගත හැකිවන පරිදි, සමෝධානිත පෞරුෂයක් ගොඩනගාගනුවස් ධෛර්ය සම්පන්න කිරීමයි. ඒ සඳහා ස්වාධීන පුරවැසියන් වීමට අවශ්‍ය නිර්මාණශීලීත්වය, ආත්ම විශ්වාසය, ආචාරධර්ම සමඟ වූ යාවජීව අධ්‍යාපනය සිසුන් තුළ උද්දීපනය වන අයුරින් විශ්වසනීය අධ්‍යාපන අවස්ථාවන්හි නියැලීමට ඉඩහසර වෙන්කර දීම අපගේ වගකීම වේ.
එවන් වූ පසුබිමක, අප අගය කරනුයේ විෂය නිර්දේශය පමණක් නොව, පුළුල් වූ වපසරියකින් යුත් නිර්මාණාත්මක, සමාජමය, සංස්කෘතික සහ ක්‍රීඩාශීලී සාමූහික ඉගෙනීම මෙන්ම ධනාත්මක සබඳතා තුළින් සිය ගැටුම් නිරාකරණ, සන්නිවේදන සහ නව නිපැයුම් ශක්නුතාවයන් වර්ධනය කරගැනීමයි. ඒ සඳහා සඵලදායී අවස්ථා ජනිත කරමින් පහසුකම් සැපයීමට අපට හැකිවිය යුතු ය.
මෙම වෙබ් අඩවිය ද එකී අභිමතාර්ථයන් සඵල කරමින් අපගේ දරුවන්ගේ කුසලතා උද්දීපනයට මගපාදනු ඇත. අපේ දරුවන් අනාගත ලෝකයේ නායකයන් සහ පරමාදර්ශ භූමිකාවන් වනු ඇත. කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ සුවහසක් දූ දරු කැළට ජය පතමි.
K.G.චාමලී මහේෂිකා
නියෝජ්‍ය විදුහල්පති
කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය.


