අනුබුදු මිහිඳු හිමියන් ලංකාද්වීපයට වැඩම කළ ඒ සුපින්බර පොසොන් පුන් පොහොය දිනය බොදු සිත් ඇතිව සමරනු වස් කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයීය ශක්ති මාධ්‍ය සංසදය විසින් බෝසතාණන් වහන්සේගේ එක් භවයක් වූ නිග්‍රෝධමිග ජාතක කතාව ඔබට සැමට ගෙන එමින් ප්‍රථම වරට ඉදිරිපත් කරන ලද අසිරිමත් තොරණ... මු.
අනුබුදු මිහිඳු හිමියන් ලංකාද්වීපයට වැඩම කළ ඒ සුපින්බර පොසොන් පුන් පොහොය දිනය බොදු සිත් ඇතිව සමරනු වස් කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයීය ශක්ති මාධ්‍ය සංසදය විසින් බෝසතාණන් වහන්සේගේ එක් භවයක් වූ නිග්‍රෝධමිග ජාතක කතාව ඔබට සැමට ගෙන එමින් ප්‍රථම වරට ඉදිරිපත් කරන ලද අසිරිමත් තොරණ ඊයේ දිනයේ දී විද්‍යාලයීය නියමුවාණන් වන D.P.R.D. චතුරංග විදුහල්පතිතුමන් හා අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂකතුමන් අතින් විවෘත කරන ලදී.
එම සුන්දර වූ තොරණ සාර්ථකව නිම කිරීමට නන් අයුරින් සහය දුන් විදුහල්පතිතුමන්, ශක්ති මාධ්‍ය සංසදයේ ගුරු මහත්ම මහත්මීන්, විද්‍යාලයේ ආදි ශිෂ්‍ය හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායක හා ශක්ති මාධ්‍ය සංසදයේ හිටපු සභාපති පසිඳු චංදුල සොයුරාට හා ශක්ති මාධ්‍ය සංසදයේ නිළධාරී මණ්ඩලයට හා නන් අයුරින් සහය දුන් සැමට හදපිරි ස්තූතිය පුද කර සිටිමු.



