විශ්වවිද්‍යාල වරම් හිමිකර ගත් කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්....
පසුගිය පෙබරවාරි මාසයේ පවත්වන ලද 2022 අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස්පෙළ විභාගයට මුහුණ දී විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගෙන විශ්වවිද්‍යාල වරම් හිමිකර ගත් කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීමේ වැඩසටහනක් 2023 සැප්තැම්බර් මස 14 වන දින විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි.
එහිදී, විද්‍යා, කලා, වාණිජ, තාක්ෂණ විෂය ධාරා යටතේ විශිෂ්ට දස්කම් දැක්වූ සිසුන් 150ක පිරිසක් ඇගයීමට පාත්‍ර විය.
ප්‍රධාන දොරටුව අසළින් විද්‍යාලයීය බටහිර තූර්ය වාදක ඛණ්ඩයේ හරසර පිළිගැනීමකින් අනතුරුව ආරම්භ වූ වැඩසටහනේ සමාරම්භක උත්සවය ලෙස විද්‍යාලයීය විද්‍යා අංශය විසින් සංවිධානය කරන ලද ප්‍රධාන රැස්වීම පැවැත්වුණි. එහිදී විද්‍යා අංශයේ සිසුන් සප්ත ස්වර මුසු කරමින් ඉදිරිපත් කළ මනරම් ගී අනුවාදනයෙන් හා ගායනයෙන් වැඩසටහන තව තවත් උත්කර්ෂවත් විය.
ඉන් අනතුරුව, විශිෂ්ට දස්කම් පෑ සිසුන් ඇගයීම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී සිදු කරන ලදී.
ගණිත විෂය ධාරාවෙන් අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දී දිස්ත්‍රික් දෙවන ස්ථානය ලබා ගත් D.M. දිනූෂ ප්‍රගීත් සොයුරා හා ජීව විද්‍යා විෂය ධාරාවෙන් පෙනී සිට විශිෂ්ට දස්කම් දැක්වූ විද්‍යාලයීය හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායක මෙන්ම ශක්ති මාධ්‍ය සංසදයේ හිටපු සභාපති M.A. පසිඳු චංදුල සොයුරාව ද විශේෂයෙන් ඇගයීමට පාත්‍ර විය.
උත්සවයෙන් අනතුරුව එක් එක් අංශ මඟින් ඒ ඒ විෂයධාරා යටතේ විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් හට විශේෂ සංග්‍රහයක් ද සූදානම් කර තිබූ අතර ඉන්පසුව එම සිසුන්, 2024 වර්ෂයේදී අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් වන සිසු දරු දැරියන් සමඟ තම අදහස්, අත්දැකීම් හුවමාරු කරගැනීමෙන් පසුව වැඩසටහන නිමාවට පත්විය.
![]() |
![]() |
![]() |





