දරුවන්ගේ බුද්ධිය වර්ධනය කිරීමට අවශ්‍ය සාධනීය පරිසරය ගොඩනගා ගන්නා ආකාරය පිළිබඳව විද්‍යාත්මක කරුණු ....
කුලි/මධ්‍ය විද්‍යාලයේ ගරු විදුහල්පති D.P.R.D චතුරංග මහතාගේ මඟපෙන්වීම යටතේ මධ්‍ය විද්‍යාලයීය උපදේශන ඒකකය විසින් හා මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රාහකත්වයෙන් 2024 ජනවාරි මස16 වන දින 6/7 ශ්‍රේණිවල දෙමාපියන් සඳහා මෙන්ම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන් මහනුවර ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශක, මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වූ උපදේශන වැඩසටහන අතිසාර්ථක අයුරින් පැවත්වුණ බව සතුටින් දැනුම් දෙමු.
මෙහිදී තම දරුවන්ගේ බුද්ධිය වර්ධනය කිරීමට අවශ්‍ය සාධනීය පරිසරය ගොඩනගා ගන්නා ආකාරය පිළිබඳව විද්‍යාත්මක කරුණු ඔස්සේ දැනුවත් කිරීම සිදුවිය.
තම විශේෂඥ දැනුම බෙදාහදා ගැනීම සහ දරුවන්ගේ බුද්ධියේ පූර්ණ හැකියාවන් අගුළු හැරීමට දෙමාපියන් දිරිමත් කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතාට අපගේ හෘදයාංගම කෘතඥතාව පුද කර සිටින අතර වැඩසටහනට සහභාගී වී එය අතිසාර්ථක කරගැනීමට සහය දුන් සියලුම දෙමාපියන්ට අපගේ ප්‍රණාමය ද ප්‍රකාශ කර සිටිමු.
උපදේශන ඒකකය මධ්‍ය විද්‍යාලය කුලියාපිටිය
|
|
![]() |
![]() |





